We'are Open: Mon- Fri 8:00 AM - 5:00 PM / Call Centre 1939
  • Call Us

    033-2236069

  • Send us mail

    info@waterboardgampaha.lk

  • Contact Us
 කටාන ජල යෝජනා ක්‍රමය කඩිනමින් ඉදිකිරීම් අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට පියවර

කටාන ජල යෝජනා ක්‍රමය කඩිනමින් ඉදිකිරීම් අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට පියවර

කටාන ජල යෝජනා ක්‍රමය

පිරිසිදු පානීය ජලය සැපයීමට කටාන ජල ව්‍යාපෘතිය මගින් සිදු කිරීමට නියමිතය.

ව්‍යාපෘති මුළු පිරිවැය රුපියල් මිලියන 11795 ක් වන අතර චීන සංවර්ධන බැංකුව සහ ලංකා බැංකුවේ ණය අධාර යටතේ සහ ශ්‍රී ලංකා රජයේ රුපියල් මිලියන 2031 ක් අරමුදල් සපයා ඇත.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ජල මූලාශය කැලණි ගඟ දකුණු ඉවුර ජල පවිත්‍රාගාරය වේ. කැලණි ගගේ දකුණු ඉවුර මගින් ඝන මීටර 11,000 ක් සහ  බම්බුකුලිය ජල  පොම්පාගාරය මගින් ඝන මීටර 4,500 ක් වන ජල සැපයුම මත සැලසුම් කර තිබේ.

මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2020 වන විට ජනගහනය 156,800ක් වන අතර, 2035 වන විට ජනගහනය 208,000 කි.2020 දී නව සම්බන්ධතා 20,000 ට පමණ ජල පහසුකම් සැපයීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

කටාන ජල සම්පාදන ව්‍යාපෘතියට සම්ප්‍රේෂණය හා බෙදාහැරීමේ නල මාර්ග 252Km වන අතර, ඝන මීටර් 2000 ක වපසරියකින් යුත් ජල කුළුණු තුනක් බම්බුකුලිය, තිබිරිගස්කටුව, ආඬිඅම්බලම පිහිටා ඇත. බම්බුකුලිය පැරණි ජල යෝජනා ක්‍රමයෙන් ප්‍රතිලාභ මගහැරුනු ජනතාවට ජලය ලබා දීමට බම්බුකුලිය ජල කුළුනෙන්

බවුසර් මගින් ජලය ජනතාවට බෙදා දෙන ලදී. එහෙත් මිනිසාගේ සෞඛ්‍යය කෙරෙහි සෘජුවම අදාල වන ජලය ගැන වගකීමෙන් යුතුව සිතා බැලිය යුතුය. කැලණි ගංගාව ලංකාවේ ප්‍රධාන ගංගාවල් අතරින් ඉතා වැදගත් තැනක් ගනියි. සමනළ කන්දේ සිට කැලණි ගං මෝදරින් මුහුදට ගලා බසින  කැලණි ගං කොමළිය අවට ප්‍රදේශ ගණනාවක් ජලයෙන්  පෝෂණය කරමින් පසුවද විශාල ජලස්කන්ධයක් නිකරුනේ මුහුදට ගලා යන්නේ අවට ප්‍රදේශ ගණනාවක ජනතාවට ජලය කළුනික වී තිබියදී ය.

මේ පිළිබඳව අවබෝධ කර ගනිමින් 2012 වසරේ දී එවක ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අදහසකට අනුව කැලණි ගංගාවේ දකුණු ඉවුර ජලසම්පාදන ව්‍යාපෘතිය යටතේ කටාන දකුණ ජල සම්පාදන ව්‍යාපෘතියත් කටාන උතුර හා මධ්‍යම ජල සම්පාදන ක්‍රම සඳහා මහ ඔය මගින් ජලය ගෙන යාම ද ඇරඹුණි.

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.